DO NOT MISS

Business

Business

Latest From Lifestyle

Famous Posts

Image Post

    ?max-results="+numposts3+"&orderby=published&alt=json-in-script&callback=recentarticles7\"><\/script>");

Sports Section

?max-results="+numposts4+"&orderby=published&alt=json-in-script&callback=recentarticles2\"><\/script>");

Friday, April 13, 2018

නූර්ති ගී - දන්නෝ බුදුන්ගේ

Noorthi Gee - Danno Budunge

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ...

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ...

මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ
අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ...

නාට්‍යය : සිරිසඟබෝ 1903
රචක : ජෝන් ද සිල්වා
තනුව : විශ්වනාත් ලව්ජි
ගීතයට අදාල චරිත : සංඝ තිස්ස, සිරිසඟබෝ, ඝෝඨාභය
ගීතයට සවන් දෙන්න දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා

නූර්ති ගී - අඹ දඹ නාරං

Noorthi Gee - Amba Damba Naran

අඹ දඹ නාරං කෙසෙල් දෙල් 
පනා කකා මේ වනා සැපා ලබනෙම්
ගංගාවේ ඕලු ඇත්තේ
ඒවාගේ කෑම නැත්තේ
ඈත පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපෙයි..

පක්ෂී නාදේ රෑත් ඇසෙවී
හීන් හඬම දෙත් නයි
මල්ලිකා වැල් බෝ තිබෙන්නා
විශාල මේ වනේ මම්
ප්‍රවේසම් බෝම වෙලා ඉන්නෙම්
වාසෙ සොඳා බැද්දේ මෙදා ප්‍රීති හදා වෙයි නිබඳා
බෝ මාදන් ඇත්තෙ මේ ගසේ..

නාට්‍යය : රාමායනය
රචක : ජෝන් ද සිල්වා
ගීතයට අදාල චරිතය : හනුමා

ගීතයට සවන් දෙන්න 
අඹ දඹ නාරං කෙසෙල් දෙල්

නූර්ති ගී - අද වෙස්සන්තර රාජ පුතා

Noorthi Gee - Ada Wessanthara

අද වෙස්සන්තර රාජ පුතා
මද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්
රට වැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂය යාය සිඳී
මංගල්ලේ සාර වෙවා සෑදී සෙත්..

බෝම ප්‍රීති ඝෝෂා ඇසෙන්නා මේ සිව් දිසා

සෙත අත්පත් වෙවා මද්‍රී කුමරි හට දැන්
රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්
කුමරාගේ පිනක් මැයි වාසනා බෝ..
නාට්‍යය : වෙස්සන්තර ජාතකය
රචක : ජෝන් ද සිල්වා
ගීතයට අදාල චරිතය : නාගසලම්කාරයෝ
ගීතයට සවන් දෙන්න අද වෙස්සන්තර රාජ පුතා
 
Copyright © 2014 Young Players. Designed by OddThemes