DO NOT MISS

Business

Business

Friday, April 13, 2018

නූර්ති ගී - දන්නෝ බුදුන්ගේ

Noorthi Gee - Danno Budunge

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ...

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ...

මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ
අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ...

නාට්‍යය : සිරිසඟබෝ 1903
රචක : ජෝන් ද සිල්වා
තනුව : විශ්වනාත් ලව්ජි
ගීතයට අදාල චරිත : සංඝ තිස්ස, සිරිසඟබෝ, ඝෝඨාභය
ගීතයට සවන් දෙන්න දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා

Post a Comment

 
Copyright © 2014 Young Players. Designed by OddThemes